Thursday, June 4, 2015
Friday, May 29, 2015
Bambarakanda Falls(බඹරකන්ද ඇල්ල)
බදුල්ල නගරයෙන් මධ්‍යානයේ පිටත්වූ අප බණ්ඩරවෙල හරහා කළුපහනට පැමිණෙන විට සවස 2 පසු වී තිබුණි. කොළඹ - බදුල්ල ඒ 4 මාර්ගයේ කළුපහන වෙත දුර කි. මී. 173 කි.බදුල්ලසිට සිට කළුපහන වෙත දුර කි. මී. 53කි.කළුපහන හන්දියේ පාරට වම්පසින් සවිකර ඇති නාම පුවරුවක ‘බඹරකන්ද ඇල්ල - දුර කි. මී. 4 යි’ යන්න සඳහන් කර තිබුණි.
කළුපහන හන්දියේ සිට වීරකෝන්ගම පසු කරමින් ඉදිරියට ගමන් කල පසු බඹරකන්ද ඇල්ල ට ප්‍රවේශ වන මාර්ගය හමුවේ.
මාර්ගය ගමන් ගන්නේ ඉතා සුන්දර වටපිටාවක් ඔස්සේ ය..එම මාර්ගයේ කි.මී 4ක් පසු කල විට අඩි දහසක් පමණ ඉහළට නැගෙනා පර්වත කූටයෙන් යුත් මහා කදු මුහුනතකින් පහලට කඩා හැලෙන බඹරකන්ද ඇල්ල දර්ශනය වේ. බඹරකන්ද දියඇල්ල නිර්මාණය වී ඇත්තේ මෙම පර්වතය මධ්‍යයෙන් කඩා හැලෙන වේලි ඔය නම් ජල දහරාවෙනි. වේලි ඔය වලවේ
ගඟේ අතු ගංගාවකි. කළුපහනේ වේලි ඔය හරහා ඉදිකළ පාලමක් ද පිහිටා තිබේ.
.
| කළුපහන හන්දිය |
මේ ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට උස මීටර් 1110 කි. දියඇල්ල පිහිටා ඇත්තේ උ. අක්ෂාංශ 60 46’ සහ නැගෙනහිර දේශාංශ 800 5’0’ අතර ය.
දියඇල්ල කඩා හැලෙන්නේ සෘජුව ඉහළ නඟිනා පර්වත මුහුණතකිනි. මුලින්ම දුල්තොට ඇල්ල යනුවෙන් මෙය හැඳින්වූ බව පැවැසේ.එ අවට ගල් වල විශාල වශයෙන් බඹර වද බැද තිබූ නිසා එය පසුව බඹරකන්ද ඇල්ල බවට පත්වී ඇත.ඇල්ලේ ජලය කඩා හැලෙන්නේ කුඩා ජල තටාකයකට ය.නමුත් එහි දිය නෑම අනතුරුදායක බව සදහන් කර ඇත.මෙහි එන සංචාරකයන්ගේ පහසුව සඳහා ප්‍රවේශ මාර්ගය ක්‍රමානුකූලව සකස් කර ඇති අතර දිය ඇල්ල නැරඹීමට හා එම පරිසරය විදීමට පහසුකම් සලසා ඇත.
දියඇල්ලේ ඉහළ ප්‍රදේශය උසින් මීටර 1228 කි. පයිනස් වනාන්තර, වන වදුලු සහිත එම වටපිටාව වැඩි සිසිලකින් යුක්ත වන්නේ වැඩි උසක පිහිටි හෙයිනි. මේ ප්‍රදේශයේ දී වේලි ඔය ගල් පර්වත අතරින් දඟකාරව ගලා යන අන්දම
දැක ගත හැකිය.
දැක ගත හැකිය.
එමෙන්ම එයින් නිර්මිත තවත් කුඩා දියඇල්ලක් ද අලංකාර ජල තටාකයක් ද මේ පරිසරය අලංකාර කරවයි.
| හොර්ටන් තැන්න රක්ශිතය |
| ටිකට්පත් නිකුත්කරන ස්ථානය |
| පයිනස් කැළෑව මැදින් වැටී ඇති මාර්ගය |
| දිය ඇල්ල මුදුන |
| පැරණි පුවරුව |
Sunday, May 24, 2015
Surathali Ella (සුරතලී ඇල්ල )
කොළඹ - බදුල්ල මහා මාර්ගයේ බෙලිහුල්ඔය පසුකර 8km ගියපසු හමුවන 168/7 දරන පාලම අසල පිහිටි “සුරතලී ඇල්ල” ඌව - සබරගමුව වෙන් කිරීමේ සීමාව ලෙස පිළිගැනේ.
මේ ඇල්ල උසින් මීටර් 60 කි.පලලින් මීටර් 2ක් පමණ වේ.1956 වර්ශයේ ජනප්‍රිය වූ සුරතලී නම් චිත්‍රපටය මෙම ඇල්ල ආශ්‍රිතව රූගත කල නිසා මෙම ඇල්ලට සුරතලී ඇල්ල යන නම පටබැඳී ඇත. ඉතා ශාන්ත දැකුම්කළු ස්ථානයක හූදකලා වී ගලා යන මේ ඇල්ලට දියවර සපයනු ලබන්නේ හෝටන් තැන්න හා ඇල්ලමාන කදු පන්ති වලින් ආරම්භ වන කඩවත් ඔය මගිනි.
මෙහි නොඉඳුල් වන රක්ෂිතය සමනල වන අඩවියට අයිතිය. මේ ස්ථානය නැරඹීමට දේශීය සංචාරකයන් පැමිණෙන නමුත් විදෙස් සංචාරකයන් දැනුවත් වී නොමැති හෙයින් ඔවුන් ගේ පැමිණීම මන්ද ගාමීව පවතී.
| ඇල්ලේ ඉහල කොටස |
|
|
| ඇල්ල සෑදීමෙන් පසු සංසුන්ව ගලා යන කඩවත් ඔය |
| සංචාරකයන් විසින් දමා යන ලද අපද්‍රවය |
මෙහි පැමිනෙන සංචාරකයන් ගෙන එන බෝතල්, වීදුරු, පොලිතින් වැනි අප ද්‍රව්‍යවලින් දිය ඇල්ලට යන මාර්ගය දෙපස අපිරිසුදු වී තිබේ..එබැවින් තමන් ගෙන එන පොලිතින් ප්ලාස්ටික් වර්ග මෙහි දමා නොයන ලෙස මෙම ස්ථානයට පැමිණෙන දේශීය සංචරකයන්ගෙන් ඉල්ලා සිටිමු.
Sunday, May 10, 2015
Bogoda Bridge (බෝගොඩ පාලම )
බෝගොඩ පාලම දැනට ලෝකයේ ඇති පැරණිතම පාලම් වලින් එකකි..එමෙන්ම දැනට ලෝකයේ ඇති එකම වහලක් සහිත ලී වලින් පමණක් සෑදූ පාලමද වේ.
බදුල්ල,හාලිඇල සිට ගලඋඩ මාර්ගයේ 11km පමණ ගිය පසු ජගුල්ල හංදියට හමු වේ. එතනින් වමට ඇති පාරේ 2.5km විතර ගිය පසු බෝගොඩ විහාරයට ලඟා විය හැක.
කඳු මුදුනේ ඇති ගම්මානයේ සිට විහාරස්ථානයට පැමිණෙන ජනතාවට ගල්ලන්දා ඔයෙන් එගොඩ වීමට ඇති දුෂ්කරතාව මඟ හරිනු වස් මෙම පාලම ඉදි කොට තිබේ. පාළම දෙපස බීරළු අත්වැල් දෙකක් දක්නට ලැබේ. එක් පසෙකට කණු 10 බැගින් දෙපසට කණු 20 කින් යුක්ත කණු මත පාලමෙහි වහළය නිර්මාණය කොට ඇත. දිගින් අඩි 50 ක් හා පළල අඩි 06 ක් වන මෙම පාලම උඩ අඩි 08 කි.අගනා මහනුවර යුගයට නෑකම් කියන්නා වූ කැටයමින්ද සමන්විත පියස්ස පෙති උළු වලින් අලංකරණය කර ඇත. ඒමෙන්ම මෙහි එකඳු ඇණයක් හෝ භාවිතා නොකර සාදි ඇති අතර සියල්ල ශක්තිමත් දැව මූට්ටු වලින් සකසා ඇත.
පාලම නිර්මාණය කිරීම සඳහා ගස් වර්ග 5ක ලී යොදාගෙන තියෙනවා. එනම් කොස්, කුඹුක්, කළුවර, මිල්ල, මිල් කියන ගස් වර්ග. අඩි 30ක් පමණ උස කුඹුක් කඳක් මත පාලම ඉදි කර ඇත. ව
බෝගොඩ විහාරයේ බුදුමැදුර ගොඩ නගා ඇත්තේ ලෙන් විහාරයක් ලෙසය.
බුදුමැදුර ට දකුණු පසින් ගුහාවක් දකින්න ඇත. මේ ගුහාව ඌවේ ප්‍රාදේශීය පාලකයකු වෙච්ච බ්‍රහ්මදත්ත නරපතියා විසින් වළගම්බා රජතුමාට පිලිගැන් වූ බව සඳහන් වේ. වළගම්බා රජතුමා ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් මිදි අවුරුදු 2.5 ක් විතර මේ ගල් ගුහාවේ සැඟවී සිට ඇත. ගල් ගුහාවත් සමඟම උමඟක් දකින්නට ඇත..මෙම උමඟ දිගේ දෝව රජමහ විහාරයටත්, නාරංගල කන්දටත් , රුවන්වැල්ලටත් යෑමට හැකි බව සඳහන් වේ. කෙසෙ වෙතත් සංචාරකයන්ගේ නොමනා හැසිරීම නිසා අඩ වන විට එම ස්ථානයට යෑමට විහාරාධිපති හිමියන්ගෙන් අවසර ලබා ගත යුතුය.

| පාලමෙ පිටුපස |
| කැටයම් සහිත වහලය |
| ලී ඇණ පුරුද්දා ඇති ආකාරය |
බුදුමැදුර ට දකුණු පසින් ගුහාවක් දකින්න ඇත. මේ ගුහාව ඌවේ ප්‍රාදේශීය පාලකයකු වෙච්ච බ්‍රහ්මදත්ත නරපතියා විසින් වළගම්බා රජතුමාට පිලිගැන් වූ බව සඳහන් වේ. වළගම්බා රජතුමා ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් මිදි අවුරුදු 2.5 ක් විතර මේ ගල් ගුහාවේ සැඟවී සිට ඇත. ගල් ගුහාවත් සමඟම උමඟක් දකින්නට ඇත..මෙම උමඟ දිගේ දෝව රජමහ විහාරයටත්, නාරංගල කන්දටත් , රුවන්වැල්ලටත් යෑමට හැකි බව සඳහන් වේ. කෙසෙ වෙතත් සංචාරකයන්ගේ නොමනා හැසිරීම නිසා අඩ වන විට එම ස්ථානයට යෑමට විහාරාධිපති හිමියන්ගෙන් අවසර ලබා ගත යුතුය.
| උමගය සහිත ගල් ගුහාව |
Friday, May 1, 2015
Monday, April 13, 2015
Saturday, April 11, 2015
Ellathota Falls,Bandarawela (ඇල්ලතොට දිය ඇල්ල)
ඇල්ලතොට දිය ඇල්ල පිහිටා ඇත්තේ බන්ඩාරවෙල නගරයේ සිට කිලොමීටරයක් පමණ දියතලාව දෙයට වන්නටයි. මෙම දියඇල්ල ආසන්නයට යා හැකි නමුත් වර්ෂාව අධික කාලයේදී දිඇල්ල ආසන්නයට යාම අවධානම් සහිතයි. අඩි 60 -70 ක් පමණ උසය. බණ්ඩාරවෙල නගරයේ සිට කොළඔ පාරේ අඹතැන්න වත්ත පිවිසුමට පැමිණ එහි සිට අඹතැන්න තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති වමට ඇති මාර්ගයේ ගමන් කිරිමෙන් ද බණ්ඩරවෙල දියතලාව මාර්ගයේ මීටර් 200ක් පමණ ගමන් කර කිරිඳි ඇල්ල අඹතැන්න වත්ත මාර්ගයෙන් පහසුවෙන් දිය ඇල්ල වෙත ලඟා විය හැක. මෙම දියඇල්ල මහවැලි ගගේ අතු ගංගාවකින් නිර්මාණයවී ඇති අතර මෙම කුඩා ගංගාව නායබැද්ද කදු පංතියෙන් ආරම්භවේ.
ස්තූතිය Indaka Karunadasa
| දිය ඇල්ල මුදුන |
ස්තූතිය Indaka Karunadasa
Subscribe to:
Posts (Atom)