Thursday, April 9, 2015

බදුල්ල කතරගම දේවාලය

ජාතික වශයෙන් මෙන්ම් ආගමික වශයෙන්ද  ඓතිහසික වැදගත්කමක් ඌවට ඇත..බුදු පහස ලද මහියංගණ ,,මුතියංගණ සහ කතරගම කිරි වෙහෙර යන ස්ථාන තුනක්ම ඌවට අයත් වීමෙන් දේශීය සංස්කෘතියෙ ආදීම නිජබිම ඌවෙන් බිහිවූවයි කිව යුතුය. බුදුරජාණන් වහන්සෙගෙ පාර සමුද්රීය ආගමනයත් සමගම මිහිඳු හිමියන්ගේ ආගමනයත් හේතුකොටගෙන බෞද්ධ සංස්කෘතිය මෙරට දේශීය සංස්කෘතිය බවට පත්විය..දේව සංකල්පයටද මෙවැනිම ඉතිහාසයක් ඇත.ඉතිහාසය අනුව බුදුන් වහන්සේ පළමුකොට  පා තැබුවේ සුමන සමන් දෙවියන්ගේ අඩවිය වූ මහියංගණ වනෝද්යානයටයි. මේ අනුව අනාදිමත් කාළයක සිටම ලාංකික ජන ජීවිතය දෙවියන් පිළිබඳව එක්තරා පදනමක විශ්වාසයක් ඇතිව සිටි අතර  කතරගම දේවාලය බිහිවීමටද මෙබදුම පුරවෘතයක් ඇත.
පළමුවන විමලධර්මසූරිය රජු පෘතුගීසීන් සමඟ යුධ කොට බලන සටනින් පැරදී දන්ත ධාතුවද සමඟ පලා යද්දී උඩදුම්බර  බෝඅමුව හරහා වේරගම්තොට තරනය කොට බදුල්ලට පැමිණ රහසිගතව කඳවුරු  ලා ගත්තෝය. ඔහු පෘතුගීසීන් හා සටන ජය ගතහොත් බදුලු පුද බිමේ කතරගම දෙවියන් හා මහනර්ඝ දේව මාලිගාවක් සදා දෙවියන්ට පින් දෙන බව භාරයක් විය .. අනුව එවකට ඌවේ පලකය වශයෙන් සිටි වීරවික්රම යුව රජුගෙ සහ ගංගොඩ ලංකාධිකාරී සෙන්පතිගේද සහයෝගයෙන් පෘතුගීසීන් මුලු රටින්ම එළවා දැමීමේ සටන බදුල්ලෙන් දියත් කරන ලදී..බදුල්ලේ කතරගම් දේවලය ඉදිවීමට හෙතු වූයේ මෙ සටනයි .
                                       

 මකර තොරණ

















චිත්‍ර සහිත දේවාල බිත්තිය
                                                   

                                                   
දිග්ගෙය


                                                     
දේවාලයට ඇතුල් වන මාර්ගය 



 ලී කැටයම්


                                                     
පත්තිනි දේවාලය


                                                   
 ඉපැරණි බෝධිය

                                                         






කතරගම දේවාල පෙරහැර නිරූපණය වෙන චිත්‍ර
                                               
පත්තිනි දේවාලයේ චිත්‍ර
                                                           

පත්තිනි දේවාලයේ ගල් පහනක්
                                                       
                                                               ශිලා නිර්මාණ



රජුන්ගෙන් පුද සත්කාර ලත් ලංකාවෙ දේවල අතර විශාල වූත් පැරණිම වූත් දේවලය බදුලු කතරගම දේවාලයයි..බදුලු පුරවරයේ උස් කඳු ගැටයක් මත පිහිටි මෙම දෙවොල නැගෙනහිරින් බටහිරින් සහ දකුණින් වූ ප්රධාන පාරෙන් වටවී ඇත. වාහල්කඩ තුලින් පිවිස උස්වේදිකා කීපයකින් සමන්විත පියගැටපෙල පියමංකොට මුලින්ම අඹරුගෙයට පිවිසිය යුතු වේ..මෙම දෙවලයෙ ඇති සඳකඩ පහණ අර්ධ කවාකාර නොව පූර්ණ එකකි.
ලී කණු මත ඇති පේකඩ යතිකාකාමරය දේවමාලිගාව ආදී අංග රැසක් මෙහි දකින්නට ඇත. ලංකාවේ දක්නට ලැබෙන දිගින් වැඩිම දිග්ගෙයද මෙහි දක්නට ඇත.එහෙත් පැරණි ගෘහ නිර්මාණ ශිල්පය වාස්තු විද්යාත්මක හා කලාත්මක නිර්මාණ වරින් වර වෙනස් කිරීම් සිදුව ඇත..දේවාලයට මුහුණලා ඇති සිංහාසනය සාදා ඇත්තේ රජුන්ට පෙරහැර  නැරඹීම සඳහාය.බදුලු කතරගම දෙවාලයේ පෙරහැර කටයුතු  පහසුව සඳහා දේවාල  මළුවේ පත්තිනි දෙවාලය සාදා ඇත. මෙහි ඇති චිත් අතර පැරණි දේවාල පෙරහැර  නිර්මාණද දකින්නට ඇත.මෙම චිත් මහනුවර යුගයට අයත් වේ..එපමනක් නොව කැප්පෙටිපොල නිලමෙ තුමා විසින් පූජා කරන ලද ඇත් දළ දෙකක් ඇතුල්  කමරයේ දොරටුව දෙපස තැන්පත්කොට ඇත.
රජ දවස සිට වර්ෂයක් පාසා අවුරුදු,වෙසක්, ඇසළ සහ ඉල්මහ මංගල්යය නමින් විසිතුරු මංගල්යය සතරක් මෙහි පැවෙත්වේ.
අද තිබෙන කච්චේරි භූමිය එදා රජ මැදුරයි..බදුලු හිර ගෙදර තිබෙන ස්ථානය එදා රජ බිසෝවරුන් දිය නෑ ස්ථානයයි..පළාත් සභා ගොඩනැගිල්ලට යාබදව පැරනි දිසපති බංගලාව තිබෙන භූමිය පළමු පෙළේ සෙන්පතිවරුන්ගේ නිවහනයි.බදුල්ල අභ්යන්තරයේ ඇති කම්මන්කඩ බදුලු රජධානිය මුර කල හේව පිරිස් විසූ කඳවුරයි.
මූලාශ්‍ර:සාමවිනිසුරු වි. වා.මු. තිලකසිරි බණ්ඩාර මහතා විසිනි

ස්තුතිය: බදුල්ල කතරගම දෙවාලයෙ කාර්ය මණ්ඩලය

No comments:

Post a Comment