Wednesday, July 6, 2016

ඓතිහාසික බොල්තුඹේ සමන් දේවාලය Bolthumbe saman deevalaya-Balangoda

බලන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ බලංගොඩ සිට කි.මී. 14 ක් පමණ ගිය විට ඓතිහාසික බොල්තුඹේ සමන් දේවාලයට පිවිසීමට පුළුවන.දෙතනගල කදු වැටිය පාමුල දර්ශනීය වෙල් යායක් ඉස්මත්තේ ඇති කුඩා කදුගැටයක් මත පිහිටි බොල්තුඹේ සමන්දේවාලය පෞඩත්වයෙන් මෙන්ම පූජනීයත්වයෙන් ගරැ බුහුමන් ලබාගන්නා ස්ථානයකි.ශ්‍රීපාද පද්මය පිහිටි සමනොල කඳු මුදුන කේන්ද්ර කොට ගනිමින් ප්‍රධාන සමන් දේවාල සතරක් වේ. එනම්,
1. රත්නපුර මහ සමන් දේවාලය
2. බොල්තුඹේ සමන් දේවාලය
3. මහියංගනයේ සමන් දේවාලය
4. දැරණියගල සමන් දේවාලය 


මෙහිදී මෙම සමන් දේවාල සතර අතුරින් විශේෂ අවධානයට පාත්‍ර වන්නේ බොල්තුඩේ සමන් දේවාලය වේ.තවත් සුවිශේෂ කාරනාවක් වන්නේ ලංකාවේ ප්රධාණ ගංගා සතරට සම්බන්ද වනසේ ඉදිකොට ඇති සමන්දේවාල අතරින් වලවේ ගංගාව අසබඩ ඉදිකොට ඇති සමන් දේවාලය බොල්තුඹේ සමන්දේවාලයයි.
දැනට වාර්තාගත තොරතුරු වලට අනුව මෙම දේවාලය 16 වන සියවසේ සීතාවක රාජසිංහ රජු විසින් කරවන ලද්දකි. එනම් සබරගමු මහ සමන් දේවාලයට යම් සතුරු ආක්රමණයක් සිදු වුව හොත් එහි ඇති වටිනා දෑ ආරක්ෂා සහිතව තැබීමට මෙම දේවාලය සීතාවක රාජසිංහ රජු කරවූ බවට පිළිගැනේ.ඒ බව පහත මූලාශ්‍ර මගින් පෙනේ.

” රාජසිංහයන්ගේ අභාවයෙන් පසු සපරගමුව ආක්රමණය කළ පෘතුගීසිහු සපරගමු සමන් වෙහෙර සහිත දේවාලය සම්පූර්ණයෙන්ම විනාශ කර 1618 ඒ මත ඔවුන්ගේ බලකොටුව තනා ගත්හ. එම විනාශයට කලින් රාජසිංහයන් යොදා තිබෙන වැඩපිළිවෙළ අනුව එහි තිබූ වටිනා හැම දෙයක්ම ගෙන ගොස් බොල්තුඹේ දේවාලයේ තැන්පත් කළහ”. (සපරගමු දර්ශනය / පි 255 - 256) 

චෛත්‍යය හා විහාර ගෙය



දික් ගෙය

වැඩසිටින මාළිගාව එයට සම්බන්ධ වෙන දික් ගෙය                                                                                                                                                        


 














එදා රාම රාවණා යුද්ධය පැවතියේද මෙම භූමිය කේන්ද්ර කොට ගෙන යැයි පැවසෙන ජනශ්රැතික සාධක අපමනය. රාවන රජු ලක්ෂ්මනයන් මෙම භූමියේදී පරාජය කළ හෙයින් රාවණයින්ගේ ජය භූමිය ලෙසින් ද මෙම ප්රදේශය හඳුන්වනු ලබයි. හීයකින් විද රාවණ රජු නැසීම පිණිස රාම කුමරුන් වවිසින් දුනු දිය මැනීම පිණිස වීරිය යොදන ලද්දේ මෙම දේවාලය අසල ඇති දෙතනගල පර්වතයට දෙදන සිරකර ගනිමින් බැව් පැරණි ගම්වැසියන්ගේ මතයයි. රාවණා කපොල්ල, සිතාලෙන, සිතා ගල, රාවන කන්ද, වලේගොඩ, කුමරි කොටුව, වැනි ස්ථාන මෙම දේවාල ආසන්නයේ පවතී.මේ දේවාල මන්දිරය තුළ රාවණා රථය නමින් සුවිශේෂි වස්තුවක් ඇතැයි පැවසේ. එය රාවණා රජු පරිහරණය කළ දඬු මොනර යන්ත්රයේ ආකෘතියක් බැව් ප්රදේශයේ ජීවත් වන විද්වතුන්ගේ මතය වී ඇත. මෙය ලෝහයෙන් තනා ඇති අතර රෝද නොමැති එය ගුවන් යානයක ස්වරූපය ගත්තක් බවටද සැලකේ. එසේම රාවණ රජිදුන්ගේ රාවණ කොඩියද මෙම දේව මන්දිරය තුළ පැවති බවද සඳහන් වේ..
රාමා රාවණා ගැටුමේදී රාම කුමරයා එවපු ඊතල පහරකින් රාවණා රජු මියගිය බවත් ඊතල පාර නිසා රාවණා රජුගේ හිස වලවේ ගඟ ආසන්නයේ තියෙන ඕලු ගංතොට ප්රදේශයේ වැටුණු බවත්, කවන්ධය බොල්තුඹේ දේවාලය පිහිටා ඇති තියෙන බිමට වැටුණු බවත්ය.

ඒ ප්රදේශයේ මිනිසුන් හිස නැති රාවණා රජතුමාගේ කඳ කොටස විශාල පස් ගොඩක් දමා වැසූ බවත් ඒ නිසා බහලතුඹ නමින් ව්යවහාර වී පසුව බොල්තුඹේ ලෙස හඳුන්වා ඇත.


වර්තමානයේ මෙම දේවාල  භූමිය තුළ දර්ශනීය බෝධීන් වහන්සේ නමක් බුදුමැදුරක් මෙන්ම චෛත්යයක්ද බෞද්ධයන්ගේ වන්දනාමානය සඳහා පවතී. අසල විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ පැවසූ ආකාරයට මෙම චෛත් ඉදිකර ඇත්තේ වළගම්බා රජ දවස ඉදිකළ කුඩා චෛත්යයක් මැදි කොටය. නමුත් මෙම දේවාල භූමියේ ඉතිහාසය වළගම්බා යුගයට ඈත යුගයකට ගමන් කරයි. වකවානුවේද මෙහි දේවාලයක් පැවති බවට ජනශ්රැතිය සාධක හමුවේ.


දේවාල භූමිය අවට දර්ශන

රන් වැට සහිත බෝධිය

දේවාල භූමිය අවට දර්ශන

දික් ගෙයි ඇති කැටයම් සහිත ලී කඳන්

පත්තිනි දෙවොල

පියගැට පෙළ සහ දඩුහැල

ලී කැටයම් සහිත උලුවස්ස

ගබඩාව


සඳකඩ පහණ

රාවණා දෙවොල