Wednesday, July 6, 2016

ඓතිහාසික බොල්තුඹේ සමන් දේවාලය Bolthumbe saman deevalaya-Balangoda

බලන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ බලංගොඩ සිට කි.මී. 14 ක් පමණ ගිය විට ඓතිහාසික බොල්තුඹේ සමන් දේවාලයට පිවිසීමට පුළුවන.දෙතනගල කදු වැටිය පාමුල දර්ශනීය වෙල් යායක් ඉස්මත්තේ ඇති කුඩා කදුගැටයක් මත පිහිටි බොල්තුඹේ සමන්දේවාලය පෞඩත්වයෙන් මෙන්ම පූජනීයත්වයෙන් ගරැ බුහුමන් ලබාගන්නා ස්ථානයකි.ශ්‍රීපාද පද්මය පිහිටි සමනොල කඳු මුදුන කේන්ද්ර කොට ගනිමින් ප්‍රධාන සමන් දේවාල සතරක් වේ. එනම්,
1. රත්නපුර මහ සමන් දේවාලය
2. බොල්තුඹේ සමන් දේවාලය
3. මහියංගනයේ සමන් දේවාලය
4. දැරණියගල සමන් දේවාලය 


මෙහිදී මෙම සමන් දේවාල සතර අතුරින් විශේෂ අවධානයට පාත්‍ර වන්නේ බොල්තුඩේ සමන් දේවාලය වේ.තවත් සුවිශේෂ කාරනාවක් වන්නේ ලංකාවේ ප්රධාණ ගංගා සතරට සම්බන්ද වනසේ ඉදිකොට ඇති සමන්දේවාල අතරින් වලවේ ගංගාව අසබඩ ඉදිකොට ඇති සමන් දේවාලය බොල්තුඹේ සමන්දේවාලයයි.
දැනට වාර්තාගත තොරතුරු වලට අනුව මෙම දේවාලය 16 වන සියවසේ සීතාවක රාජසිංහ රජු විසින් කරවන ලද්දකි. එනම් සබරගමු මහ සමන් දේවාලයට යම් සතුරු ආක්රමණයක් සිදු වුව හොත් එහි ඇති වටිනා දෑ ආරක්ෂා සහිතව තැබීමට මෙම දේවාලය සීතාවක රාජසිංහ රජු කරවූ බවට පිළිගැනේ.ඒ බව පහත මූලාශ්‍ර මගින් පෙනේ.

” රාජසිංහයන්ගේ අභාවයෙන් පසු සපරගමුව ආක්රමණය කළ පෘතුගීසිහු සපරගමු සමන් වෙහෙර සහිත දේවාලය සම්පූර්ණයෙන්ම විනාශ කර 1618 ඒ මත ඔවුන්ගේ බලකොටුව තනා ගත්හ. එම විනාශයට කලින් රාජසිංහයන් යොදා තිබෙන වැඩපිළිවෙළ අනුව එහි තිබූ වටිනා හැම දෙයක්ම ගෙන ගොස් බොල්තුඹේ දේවාලයේ තැන්පත් කළහ”. (සපරගමු දර්ශනය / පි 255 - 256) 

චෛත්‍යය හා විහාර ගෙය



දික් ගෙය

වැඩසිටින මාළිගාව එයට සම්බන්ධ වෙන දික් ගෙය                                                                                                                                                        


 














එදා රාම රාවණා යුද්ධය පැවතියේද මෙම භූමිය කේන්ද්ර කොට ගෙන යැයි පැවසෙන ජනශ්රැතික සාධක අපමනය. රාවන රජු ලක්ෂ්මනයන් මෙම භූමියේදී පරාජය කළ හෙයින් රාවණයින්ගේ ජය භූමිය ලෙසින් ද මෙම ප්රදේශය හඳුන්වනු ලබයි. හීයකින් විද රාවණ රජු නැසීම පිණිස රාම කුමරුන් වවිසින් දුනු දිය මැනීම පිණිස වීරිය යොදන ලද්දේ මෙම දේවාලය අසල ඇති දෙතනගල පර්වතයට දෙදන සිරකර ගනිමින් බැව් පැරණි ගම්වැසියන්ගේ මතයයි. රාවණා කපොල්ල, සිතාලෙන, සිතා ගල, රාවන කන්ද, වලේගොඩ, කුමරි කොටුව, වැනි ස්ථාන මෙම දේවාල ආසන්නයේ පවතී.මේ දේවාල මන්දිරය තුළ රාවණා රථය නමින් සුවිශේෂි වස්තුවක් ඇතැයි පැවසේ. එය රාවණා රජු පරිහරණය කළ දඬු මොනර යන්ත්රයේ ආකෘතියක් බැව් ප්රදේශයේ ජීවත් වන විද්වතුන්ගේ මතය වී ඇත. මෙය ලෝහයෙන් තනා ඇති අතර රෝද නොමැති එය ගුවන් යානයක ස්වරූපය ගත්තක් බවටද සැලකේ. එසේම රාවණ රජිදුන්ගේ රාවණ කොඩියද මෙම දේව මන්දිරය තුළ පැවති බවද සඳහන් වේ..
රාමා රාවණා ගැටුමේදී රාම කුමරයා එවපු ඊතල පහරකින් රාවණා රජු මියගිය බවත් ඊතල පාර නිසා රාවණා රජුගේ හිස වලවේ ගඟ ආසන්නයේ තියෙන ඕලු ගංතොට ප්රදේශයේ වැටුණු බවත්, කවන්ධය බොල්තුඹේ දේවාලය පිහිටා ඇති තියෙන බිමට වැටුණු බවත්ය.

ඒ ප්රදේශයේ මිනිසුන් හිස නැති රාවණා රජතුමාගේ කඳ කොටස විශාල පස් ගොඩක් දමා වැසූ බවත් ඒ නිසා බහලතුඹ නමින් ව්යවහාර වී පසුව බොල්තුඹේ ලෙස හඳුන්වා ඇත.


වර්තමානයේ මෙම දේවාල  භූමිය තුළ දර්ශනීය බෝධීන් වහන්සේ නමක් බුදුමැදුරක් මෙන්ම චෛත්යයක්ද බෞද්ධයන්ගේ වන්දනාමානය සඳහා පවතී. අසල විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ පැවසූ ආකාරයට මෙම චෛත් ඉදිකර ඇත්තේ වළගම්බා රජ දවස ඉදිකළ කුඩා චෛත්යයක් මැදි කොටය. නමුත් මෙම දේවාල භූමියේ ඉතිහාසය වළගම්බා යුගයට ඈත යුගයකට ගමන් කරයි. වකවානුවේද මෙහි දේවාලයක් පැවති බවට ජනශ්රැතිය සාධක හමුවේ.


දේවාල භූමිය අවට දර්ශන

රන් වැට සහිත බෝධිය

දේවාල භූමිය අවට දර්ශන

දික් ගෙයි ඇති කැටයම් සහිත ලී කඳන්

පත්තිනි දෙවොල

පියගැට පෙළ සහ දඩුහැල

ලී කැටයම් සහිත උලුවස්ස

ගබඩාව


සඳකඩ පහණ

රාවණා දෙවොල

Thursday, February 25, 2016

Nilawara well (නිලාවර ලිඳ)

නාම පුවරුව 


උතුරු පළාතේ යාපනය - පේදුරුතුඩුව මාර්ගය ආසන්නයේ යාපනය නගරයේ  සිට කි.මී 15ක් පමණ දුරින් පිහිටා ඇති නිලාවර ළිඳ හෙවත් නාවකන්නි ළිඳ  සංචාරකයින් විසින් හදුන්වනු ලබන්නෙ පතුල නොපෙනෙන ලිඳ යනුවෙනි.මෙය වසර සිය ගනනක සිට ප්‍රදේශයේ ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට භාවිතා කරන ඉතා පිරිසිදු ජලය ඇති ළිඳකි. එම ළිඳ වට කර ළිං බැම්මක් ඉදිකොට ඇත. එක් පැත්තකින් ළිඳට බැසීමට පඩි පෙළක් වෙයි.

අතීතයේ සිට මෙය ළිදක් ලෙස භාවිතා කළද ඇත්තවශයෙන්ම මෙය ස්භාවිකව නිර්මාණය වූ  මීටර් 15ක් පමණ පළලින් යුක්ත වූ හුණුගල් ආවාටයකි.මෙහි ඇති පෞරාණික බව නිසාම ළිඳ අවට ප්‍රදේශය පුරවිද්‍යා රක්ශිතයක් ලෙස නම් කොට ඇත. ජනප්‍රවාද තොරතුරු අනුව නිල් දිය පිරුණු පිරිසිදු ජලය ඇති එම ළිඳෙහි  ඉතිහාසය ක්‍රි. පූ. යුගයේ ඉතිහාසගතව දිව යයි. 
ළිඳ වට කර ළිං බැම්ම
1

රාම-රාවණා  යුද්ධය අතරවාරයේ රාම කුමරුන් සීතා කුමාරියත් යාපනය නිලාවරි ගම පිිහිටි ප්‍රදේශයේද නතර වී සිට ඇත. එහි දී සීතා දේවියට දිය පිපාසයක් ඇතිවිය. රාම කුමරු දිය ලබා ගැනීම සඳහා තම අත තිබූ ත්‍රිශූලය  බිම ඇන ඇත. එහිදී හෑරුනු ළිඳ අද නාවක්කන්නි ළිඳල ලෙසට ඇතමෙක් විශ්වාස කරති.
එමෙන්ම බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමෙන් පසුව මෙම ස්ථානයේද මඳක් විවේක ගත් බවට විශ්වාසයක් පවතී, බුදුන් වහන්සේට පැන් සැකසීම පිණිස බුද්ධානුභාවයෙන් මෙම ළිඳ කනිනු ලැබූ බව ද ජනප්‍රවාද පවසයි. කෙසේ වෙතත් මෙම ස්ථානය අවට බෞද්ධ විහාරයක නෂ්ඨාවශේෂ තවමත් දක්නට ඇත. එහි තිබූ බුදු පිළිමය යාපන කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

තවද, නිලාවර ළිඳට ජලය ගලා එන්නේ මහ පොළොව යටින් ගලන ගංගාවකිනි. කි. මී. 300 පමණ දුරකින් පිහිටි මාතලේ සුදු ගඟේ  ජලයත් මෙම ළිඳෙහි  ජලයත් එක සමාන බව කියෑවේ. එම නිසා විශ්වාස කෙරෙන්නේ සුදු ගඟේ  ජලය මෙම අරුම පුදුම ළිඳට උල්පත වී ඇති බවකි.

අතීතයේ සිට මෙම ලිඳෙහි පතුල සොයා යෑමට කිහිප වරක්ම උත්සහ ගෙන තිබූ නමුත් එකල කිමිදුම් තාක්ෂණය ලිඳේ අඩි 280 සීමාව පසුකිරීමට ප්‍රමාණවත් නොවීය. නමුත් මෑත කාලීනව හිරිගල් ගුහා සහ දෝනා ආශිතව කිමිදුම් කටයුතු කිරීමේ ප්‍රවීණයෙකු වන රුසියානු ජාතික වසීලි කලෂ්කිනොව්, ප්‍රවීණ කිමිදුම් ශිල්පියෙකු වන හික්කඩුවේ එම්.ජී ප්‍රියන්ත හා ගාල්ල පුරවිද්‍යා ඒකකයේ නිලධාරීන් එක්ව කරන ලද ගවේශනයකින් අනතුරුව මෙම ලිඳට පතුලක් ඇති බව තහවුරු කර ගන්නා ලදී.
.එම නිරීක්ශණ වලට අනුව ලිඳේ මීටර් 10ත් 20ත් අතර ගැඹුරේදී ජලය අපහැදිලිය..එයට හේතුව එම ස්තරයේ මඩ අංශු සහිත  ස්භාවයයි.නමුත් මීටර් 20 සීමාව ට පසුව නැවතත් ජලයේ පැහැදිලි බව ක්‍රමයෙන් වෙල් මීටර් 25ක් පමණ යන විට ජලයේ ලවණතාවය ඉතා ඉහල වන අතර එය මුහුදු ජලයට සමාන වේ.මෙම සීමාවෙදී කරදිය හා මිරිදිය ස්ථර වෙන් වන සීමාව පැහැදිලිව දිස් වන අතර ජලයට වැටුනු ඇතැම් අපද්ර්ව්ය එම සීමාවෙ ස්ථාවරව පවතී.
මීටර් 40ක් පමණ යන විට පතුල හමු වේ.නමුත් එය ලිඳේ ගැඹුරුම ස්ථානය නොවේ.එහි දීර්ඝ කාලයක් තිස්සේ ලිඳට වැටුනු අපද්ර්ව්ය හා කොලරොඩු වලින් පිරී පවතී. මෙම ලිඳ පිහිටා ඇත්තේ ලිඳේ මැද කොටස ගැඹුර අඩු වන ලෙසය.කෙසේ නමුත් ලිඳේ බටහිර මායිමේ ගැඹුර මීටර් 55ක් පමණ වන අතර එහි ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ත්30ත් අතර වේ.එම මායිමේ බිත්තියේ මයොසීන යුගයට අයත් යැයි සැලකිය හැකි .කවච සහිත මුහුදු බෙල්ලන්ගේ පොසිල දැකගත හැක.


හිරු එලියට දිලිසෙනෙ නිල්වන් ජලය



Wednesday, February 10, 2016

Jaffna Fort යාපනය බලකොටුව

බලකොටුවට ඇතුලු වන දොරටුව (ඉදිරිපසින් පෙනුම )

බලකොටුවට ඇතුලු වන දොරටුව (ඇතුලතින් පෙනුම  )








යාපනය බලකොටුව යනු ශ්රී ලංකාවේ යාපනය දිස්ත්රික්කයේ පිහිටි ඓතිහාසික බලකොටුවකි.වර්ෂ 1618 දී පෘතුගීසින් විසින් යාපනය අල්ලා ගැනීමෙන් පසුව සිය හමුදා රැඳවීම සඳහා පෘතුගීසි ජාතික පිලිප් ඔලිවේරා යටතේ මෙම යාපනය කොටුව චතුරස්‍රාකාර ලෙස ඉදිකර ඇත.ලන්දේසී ජාතික රේක්ලොඔප් වැන් ගොයින්ස් යටතේ වර්ෂ 1658 දී ලන්දේසීන් විසින් යාපනය කොටුව අල්ලාගත් අතර පසුව ඔවුන් එය තවදුරටත් පුළුල් කර බැස්ටියන් 5කින් යුක්තව මෙම බලකොටුව ඉදිකර ඇත.අක්කර 56ක් පුරා පැතිරී ඇති යාපනය කොටුව තාරකා කොටුවක හැඩයෙන් නිර්මාණය කර ඇත..නිරිත දිග අන්තය කලපුවට මායිම් වන ලෙස ඉඩිකර ඇති කොටුව වටා පිටප්‍රාකාර බැම්මක් සහ ඇතුල්ප්‍රකාර බැම්මක්ද ඒ අතර මැද දිය අගලක්ද කොරල් සහ හුණුගල් භාවිතාකොට නිමවා ඇත. දිය අගලට පිටතින් වන පිට ප්රාකාරයට ඇතුළතින් යුගල බැගින් නිර්මිත උමං මාර්ග පහක් දක්නා ලැබේ. මේවායෙහි දොරටු අද දක්නා නොලැබේ. එනමුත් මේවායෙහි උමං දොර තිබූ බවට සාධක දක්නා ලැබේ.
 
ඇතුල් හා පිට ප්‍රාකාර බැමි 
 
කොරල් වලින් සෑදූ බැමි 
 
ලිඳක් 
 
කලපුව 
 
ප්‍රාකාරයට නැගීමට ඇති පඩිපෙල් 

 









































ප්‍රධාන ප්‍රවේශ දොරටුවේ සිට ප්‍රාකාර බැම්මේ ගමන් කරන විට ගිණිකොන දිශාවට මුහුනලා Holland බැස්ටියන් එකද, 

කොටුවට ඇතුල් වන දොරටුව හා දිය අගල 
ඊශාන
 දිශාවට මුහුනලා Gelderland බැස්ටියන් එකද, වයඹ   දිශාවට මුහුනලා Utrecht බැස්ටියන් එකද, බටහිර   දිශාවට මුහුනලා Friesland බැස්ටියන් එකද, දකුණු   දිශාවට මුහුනලා Zeeland බැස්ටියන් එකද,ඉදිකර ඇත. සෑම බැස්ටියනයකම සිව් දිශාවට  මුහුණලා කාලතුවක්කු රැදවුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇත.ඇතුල් පවුරේ නිරිත දිශාවට මුහුණලා තවත් උපදොරටුවක් ඉදිකර ඇත. ක්රි.. 1795දී ලන්දේසීන්ගෙන් මෙම කොටුව ඉංග්රීසින් අතට පත්වූ අතර වර්ෂ 1948 වන තෙක් ඉංග්රීසි පරිපාලන මධ්‍යස්ථානයක්  ලෙස පවත්වාගෙන ගොස් ඇත.
එල්ලුම් ගහ තිබූ ස්ථානය 
 
ජලවහන පද්ධතිය 
 යාපනය කොටුව පෘතුගී්රසි, ලන්දේසි හා ඉංගී්රසි යුගවල ඉදිවූ ගොඩනැගිලි බොහොමයක් යුගවල වාස්තු විද්යාත්මක ලක්ෂණ පිළිබිඹු කරයි. ලන්දේසි යුගයට අයත් ශී් ලංකාවේ දෙවන විශාලතම බලකොටුව වන යාපනය කොටුව පසුගිය 30 වසරක යුධමය වාතාවරණයට සෘජුවම බලපෑමට ලක්වූ පුරාවිද්යාත්මක ස්මාරකයක් වශයෙන් හැඳින්විය හැක. එල්ටීටීයි ප්රහාරයනට ලක්වූ කොටුපවුරේ මුහුදුබඩ මුහුණතේ කොටසක් විනාශයට ලක්වී ඇතත් සමස්ථයක් ලෙස සැලකීමේදී කොටු පවුර දැඩිව විනාශයට පත් වී නොමැත. කොටු පවුරෙහි ඇතුලත භුමියේ පවතින ස්මාරක සියල්ල යුධ වාතාවරණය හේතුවෙන් විනාශයට පත්ව ඇත. මේ අතරින් අතීතයේදී ක්වීන් පැලස් ලෙස හැඳින්වූ ගොඩනැගිල්ල අනෙක් ගොඩනැගිලිවලට සාපේක්ෂව සැලැස්ම හඳුනාගත හැකි මට්ටමකින් පවතී. මෙහි උපරි ව්යුහය සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත.
මෙම ගොඩනැගිල්ලට පිටුපසින් කොටුපවුරට ප්රවේශ වීම සඳහා අලංකාර ගරාදිවැටකින් යුතු මාර්ගයක් දක්නා ලැබේ. එය ලන්දේසි අවධියේදී කොටුපවුර වෙත ආයුධ ප්රවාහනය සඳහා භාවිත කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මෙම කුවීන්ස් ගොඩනැගිල්ලෙහි ඉදිරිපස ලන්දේසි වාස්තුවිද්යා ශෛලියට අයත් නිර්මාණ ලක්ෂණවලින් යුතු යුගල රවුම් කුළුණු සහිත බරාදයක් පැවති බවට සාධක දක්නට ලැබේ.
කොටු පවුර ඇතුළත භුමියේ පිහිටි පැරණි ලන්දේසි පල්ලිය මුළුමනින්ම පාහේ බෝම්බ ප්රහාර හමුවේ විනාශයට පත්ව ඇත. මෙම ගොඩනැගිල්ල විධිමත් ලේඛනගත කිරීමක් තුළින් එහි පැරණි ව්යුහය හඳුනාගත හැකිවේ. මෙහි පුළුල් බිත්ති හිරිගල් උපයෝගීකොටගෙන නිර්මාණය කර තිබේ.
කොටුපවුරේ මුහුදුබඩ සීමාවට ආසන්නව ලන්දේසි සමයේ ඉදිකළායැයි විශ්වාස කළ හැකි ලිදක් හා ඊට පසුකාලීනව ඉදිකරන ලද කුඩා කෝවිලක් දක්නට ලැබේ.
ලිඳක් 
 
කෝවිල  
 
සවස් කාලයේ දසුනක්