Thursday, February 25, 2016

Nilawara well (නිලාවර ලිඳ)

නාම පුවරුව 


උතුරු පළාතේ යාපනය - පේදුරුතුඩුව මාර්ගය ආසන්නයේ යාපනය නගරයේ  සිට කි.මී 15ක් පමණ දුරින් පිහිටා ඇති නිලාවර ළිඳ හෙවත් නාවකන්නි ළිඳ  සංචාරකයින් විසින් හදුන්වනු ලබන්නෙ පතුල නොපෙනෙන ලිඳ යනුවෙනි.මෙය වසර සිය ගනනක සිට ප්‍රදේශයේ ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට භාවිතා කරන ඉතා පිරිසිදු ජලය ඇති ළිඳකි. එම ළිඳ වට කර ළිං බැම්මක් ඉදිකොට ඇත. එක් පැත්තකින් ළිඳට බැසීමට පඩි පෙළක් වෙයි.

අතීතයේ සිට මෙය ළිදක් ලෙස භාවිතා කළද ඇත්තවශයෙන්ම මෙය ස්භාවිකව නිර්මාණය වූ  මීටර් 15ක් පමණ පළලින් යුක්ත වූ හුණුගල් ආවාටයකි.මෙහි ඇති පෞරාණික බව නිසාම ළිඳ අවට ප්‍රදේශය පුරවිද්‍යා රක්ශිතයක් ලෙස නම් කොට ඇත. ජනප්‍රවාද තොරතුරු අනුව නිල් දිය පිරුණු පිරිසිදු ජලය ඇති එම ළිඳෙහි  ඉතිහාසය ක්‍රි. පූ. යුගයේ ඉතිහාසගතව දිව යයි. 
ළිඳ වට කර ළිං බැම්ම
1

රාම-රාවණා  යුද්ධය අතරවාරයේ රාම කුමරුන් සීතා කුමාරියත් යාපනය නිලාවරි ගම පිිහිටි ප්‍රදේශයේද නතර වී සිට ඇත. එහි දී සීතා දේවියට දිය පිපාසයක් ඇතිවිය. රාම කුමරු දිය ලබා ගැනීම සඳහා තම අත තිබූ ත්‍රිශූලය  බිම ඇන ඇත. එහිදී හෑරුනු ළිඳ අද නාවක්කන්නි ළිඳල ලෙසට ඇතමෙක් විශ්වාස කරති.
එමෙන්ම බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමෙන් පසුව මෙම ස්ථානයේද මඳක් විවේක ගත් බවට විශ්වාසයක් පවතී, බුදුන් වහන්සේට පැන් සැකසීම පිණිස බුද්ධානුභාවයෙන් මෙම ළිඳ කනිනු ලැබූ බව ද ජනප්‍රවාද පවසයි. කෙසේ වෙතත් මෙම ස්ථානය අවට බෞද්ධ විහාරයක නෂ්ඨාවශේෂ තවමත් දක්නට ඇත. එහි තිබූ බුදු පිළිමය යාපන කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

තවද, නිලාවර ළිඳට ජලය ගලා එන්නේ මහ පොළොව යටින් ගලන ගංගාවකිනි. කි. මී. 300 පමණ දුරකින් පිහිටි මාතලේ සුදු ගඟේ  ජලයත් මෙම ළිඳෙහි  ජලයත් එක සමාන බව කියෑවේ. එම නිසා විශ්වාස කෙරෙන්නේ සුදු ගඟේ  ජලය මෙම අරුම පුදුම ළිඳට උල්පත වී ඇති බවකි.

අතීතයේ සිට මෙම ලිඳෙහි පතුල සොයා යෑමට කිහිප වරක්ම උත්සහ ගෙන තිබූ නමුත් එකල කිමිදුම් තාක්ෂණය ලිඳේ අඩි 280 සීමාව පසුකිරීමට ප්‍රමාණවත් නොවීය. නමුත් මෑත කාලීනව හිරිගල් ගුහා සහ දෝනා ආශිතව කිමිදුම් කටයුතු කිරීමේ ප්‍රවීණයෙකු වන රුසියානු ජාතික වසීලි කලෂ්කිනොව්, ප්‍රවීණ කිමිදුම් ශිල්පියෙකු වන හික්කඩුවේ එම්.ජී ප්‍රියන්ත හා ගාල්ල පුරවිද්‍යා ඒකකයේ නිලධාරීන් එක්ව කරන ලද ගවේශනයකින් අනතුරුව මෙම ලිඳට පතුලක් ඇති බව තහවුරු කර ගන්නා ලදී.
.එම නිරීක්ශණ වලට අනුව ලිඳේ මීටර් 10ත් 20ත් අතර ගැඹුරේදී ජලය අපහැදිලිය..එයට හේතුව එම ස්තරයේ මඩ අංශු සහිත  ස්භාවයයි.නමුත් මීටර් 20 සීමාව ට පසුව නැවතත් ජලයේ පැහැදිලි බව ක්‍රමයෙන් වෙල් මීටර් 25ක් පමණ යන විට ජලයේ ලවණතාවය ඉතා ඉහල වන අතර එය මුහුදු ජලයට සමාන වේ.මෙම සීමාවෙදී කරදිය හා මිරිදිය ස්ථර වෙන් වන සීමාව පැහැදිලිව දිස් වන අතර ජලයට වැටුනු ඇතැම් අපද්ර්ව්ය එම සීමාවෙ ස්ථාවරව පවතී.
මීටර් 40ක් පමණ යන විට පතුල හමු වේ.නමුත් එය ලිඳේ ගැඹුරුම ස්ථානය නොවේ.එහි දීර්ඝ කාලයක් තිස්සේ ලිඳට වැටුනු අපද්ර්ව්ය හා කොලරොඩු වලින් පිරී පවතී. මෙම ලිඳ පිහිටා ඇත්තේ ලිඳේ මැද කොටස ගැඹුර අඩු වන ලෙසය.කෙසේ නමුත් ලිඳේ බටහිර මායිමේ ගැඹුර මීටර් 55ක් පමණ වන අතර එහි ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ත්30ත් අතර වේ.එම මායිමේ බිත්තියේ මයොසීන යුගයට අයත් යැයි සැලකිය හැකි .කවච සහිත මුහුදු බෙල්ලන්ගේ පොසිල දැකගත හැක.


හිරු එලියට දිලිසෙනෙ නිල්වන් ජලය



No comments:

Post a Comment