Wednesday, July 29, 2015

Rawana Falls (රාවණා ඇල්ල හෙවත් බඹරගම ඇල්ල )

දිය ඇල්ල නරඹන ස්ථානය 

සුන්දරත්වයෙන් පරිපූර්ණ රාවණා ඇල්ල හෙවත් බඹරගම ඇල්ල,ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරයෙ සිට කි.මී 5ක්  ගමන් කරනවිට හමුවන සොබාදහමේ විශිෂ්ඨ නිර්මාණයකි.කිරිඳි ඔය විශාල ගල් තලාවකින් කොටස් කිහිපයකට ඇද හැලීමෙන් රාවණා ඇල්ල නිර්මාණය වී ඇත.එය  පාර මට්ටමේ සිට අඩි 1078ක් උසය.එමෙන්ම රාවණා ඇල්ලට ඉහලින් කුඩා රාවණා ඇල්ල නමින්ද ඇල්ලක් ඇත.දිය ඇල්ලේ   සුන්දරත්වය හා සබැදි පුරාවෘත්ත රාශියකුත් ඇතඑයින් රාවණා රජු සම්භන්ධ කතා පුවත් රැසකිවාල්මිකී විසින් රචිත රාමායණයේ කියැවෙන රාම - රාවණා කතා පුවතත් සමග මෙම අලංකාර දිය ඇල්ලත් සම්බන්ධතාවයක් පවතීරාවණා රජතුමා විසින් සීතා කුමරිය රැගෙන විත් රදවා තැබුවායි සැළකෙන්නේ පෙර කී රාවණා ඇල්ල සමීපයේය පිළිබද ඕනෑ තරම් ජනප්රනවාද අප අසා ඇතසීතා කුමරිය රැගෙන විත් ආරක්ෂා සහිතව රදවා තැබීමට සුදුසුම ප්රදේශය ලෙස රාවණා රජු මෙම රාවණා ඇල්ල අවට තෝරා ගත් බව පෙනෙයිඑයට සාධකයක් ලෙස රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරය ( මෙම විහාරය ක්රි .පූ.2 සියවසේ දී වළගම්බා රජු විසින් කරවන ලද්දකි ) ආසන්නයේ පිහිටා ඇති රාවණා ගුහාව පෙන්වා දිය හැකමෙම රාවණා ගුහාව,  රාවණා රජු විසින් සීතා කුමරිය රදවා තැබූ ගුහාව යැයි ජනවහරේ කියැවේ.


මෙම දිය  ඇල්ල අසල දැනුවත් කිරීමේ පුවරු සවි කර ඇතත් ඇතැම් සංචාරකයන්ගේ නොසැලකිලිමත්කම නිසා මෙම පරිසරයට හානි වනවා මෙන්ම ඔවුන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුව ඇත.




රාවණා ඇල්ල රක්ෂිතය 
ඇල්ල වැල්ලවාය මාර්ගය 
පාලම 
මව් සෙනෙහස 
දැනුවත් කිරීමේ පුවරු 


Monday, July 6, 2015

Ranmudu Ella (රන්මුදු ඇල්ල -බලංගොඩ )

ඉපැරණි ජනප්‍රවාද රැසකට පාදක වූ බලංගොඩ රන්මුදු ඇල්ල මීටර් 45-45-50ක් පමණ උස මීටර් 4ක් පමණ පලලය. තට්ටු 2ක් ලෙස කඩ හැලෙන මෙම දිය ඇල්ලේ ඉහල කොටස වියලි කාල වලදී නිවුන් දිය ඇලි 2ක් ලෙස ගලා බසී.රන්මුදු ඔය මෙම දිය ඇල්ලට ජලය සපයන අතර මෙම දිය ඇල්ලට ඉහලින් තවත් කුඩා දිය ඇල්ලක් දක්නට ඇත. එය ලුණුවාඩිය ඇල්ල/දුනුකොල ඇල්ල යන නම් වලින් හදුන්වනු ලබයි.මෙම දිය ඇල්ල මීටර් 20ක් පමණ උසකින් යුක්ත වන අතර අංශක 70ක පමණ ආනතියකින් යුක්තය..මෙම දිය ඇල්ලට යන මාර්ගයේ පැරණි වැල් පාලමක් දක්නට නමුත් එහි ගමන් කිරීම අවදානම් බැවින් නව පාලමක් ඒ අසලින්ම ඉදිකර තිබේ..රන්මුදු ඇල්ලට පිවිසීම සදහා මාර්ග කිහිපයක්ම ඇත.කොළඹ සිට පැමිණෙන අයෙකුට කොළඹ බදුල්ල මාර්ගයේ පැමිණ ඇල්ලෙඅරාව හන්දියෙන් බලංගොඩ හැටන් මාර්ගයේ 13km ගමන් කර කෙසෙල්කොටුව හන්දියෙන් නෙල්ලිවල පිඩලිගන්නවෙල මාර්ගයේ  7km පමණ ගමන්කර ද,හැටන් සිට පැමිණෙන්නෙකුට මද්දෙගම හරහා පිඩලිගන්නන්වෙලට පැමිණිය හැක.අතීතයේ රජවරුන් විසින් මෙම දිය ඇල්ල අසල පිහිටි ස්භාවික ගල් බේසමක තම ආභරණ  නිදන් කරන ලද යැයි ජනප්‍රවාද වල සඳහන් වේ.මෙ වනවිට නිදන් ගැනීමට එම ස්ථානය විනාශ කර තිබීම ශෝකයට කරුණකි. කෙසේ නමුත් මෙම දිය ඇල්ලේ ඉහල කොටසට නැගීම අවදානම් වන අතර නොසැලකිල්ල නිසා කිහිප දෙනෙකුටම ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදුව ඇත.මෙම සංචාරයෙදී මා රන්මුදු  ඇල්ල අසලට පැමිණෙන විට සවස් වී  තිබුනු නිසා දිය ඇල්ලේ ඉහල කොටසට නැගීම පසෙක දමා එම ස්ථානයෙන් සමු ගත්තෙමි.



Ranmudu Ella
රන්මුදු ඇල්ල 

Ranmudu Ella
දිය ඇලි සහ බෞද්ධ සිද්ධස්ථානය ඈතට පෙනෙන අයුරු 



පැරණි වැල් පාලම 
ඈතින් පෙනෙන හාවාගල කඳු 

සහජීවනයද? 

හවස් යාමයේ වී කුරුල්ලෝ 


අතරමඟදී මුනගැහුණු ආඩම්බරකාරයා 

දුනුකොල ඇල්ල 


ස්භාවික ගල් බේසම් 

Ranmudu Ella


Ranmudu Ella




ඈතින් පෙනෙන සමනල වැව