Monday, July 6, 2015

Ranmudu Ella (රන්මුදු ඇල්ල -බලංගොඩ )

ඉපැරණි ජනප්‍රවාද රැසකට පාදක වූ බලංගොඩ රන්මුදු ඇල්ල මීටර් 45-45-50ක් පමණ උස මීටර් 4ක් පමණ පලලය. තට්ටු 2ක් ලෙස කඩ හැලෙන මෙම දිය ඇල්ලේ ඉහල කොටස වියලි කාල වලදී නිවුන් දිය ඇලි 2ක් ලෙස ගලා බසී.රන්මුදු ඔය මෙම දිය ඇල්ලට ජලය සපයන අතර මෙම දිය ඇල්ලට ඉහලින් තවත් කුඩා දිය ඇල්ලක් දක්නට ඇත. එය ලුණුවාඩිය ඇල්ල/දුනුකොල ඇල්ල යන නම් වලින් හදුන්වනු ලබයි.මෙම දිය ඇල්ල මීටර් 20ක් පමණ උසකින් යුක්ත වන අතර අංශක 70ක පමණ ආනතියකින් යුක්තය..මෙම දිය ඇල්ලට යන මාර්ගයේ පැරණි වැල් පාලමක් දක්නට නමුත් එහි ගමන් කිරීම අවදානම් බැවින් නව පාලමක් ඒ අසලින්ම ඉදිකර තිබේ..රන්මුදු ඇල්ලට පිවිසීම සදහා මාර්ග කිහිපයක්ම ඇත.කොළඹ සිට පැමිණෙන අයෙකුට කොළඹ බදුල්ල මාර්ගයේ පැමිණ ඇල්ලෙඅරාව හන්දියෙන් බලංගොඩ හැටන් මාර්ගයේ 13km ගමන් කර කෙසෙල්කොටුව හන්දියෙන් නෙල්ලිවල පිඩලිගන්නවෙල මාර්ගයේ  7km පමණ ගමන්කර ද,හැටන් සිට පැමිණෙන්නෙකුට මද්දෙගම හරහා පිඩලිගන්නන්වෙලට පැමිණිය හැක.අතීතයේ රජවරුන් විසින් මෙම දිය ඇල්ල අසල පිහිටි ස්භාවික ගල් බේසමක තම ආභරණ  නිදන් කරන ලද යැයි ජනප්‍රවාද වල සඳහන් වේ.මෙ වනවිට නිදන් ගැනීමට එම ස්ථානය විනාශ කර තිබීම ශෝකයට කරුණකි. කෙසේ නමුත් මෙම දිය ඇල්ලේ ඉහල කොටසට නැගීම අවදානම් වන අතර නොසැලකිල්ල නිසා කිහිප දෙනෙකුටම ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදුව ඇත.මෙම සංචාරයෙදී මා රන්මුදු  ඇල්ල අසලට පැමිණෙන විට සවස් වී  තිබුනු නිසා දිය ඇල්ලේ ඉහල කොටසට නැගීම පසෙක දමා එම ස්ථානයෙන් සමු ගත්තෙමි.



Ranmudu Ella
රන්මුදු ඇල්ල 

Ranmudu Ella
දිය ඇලි සහ බෞද්ධ සිද්ධස්ථානය ඈතට පෙනෙන අයුරු 



පැරණි වැල් පාලම 
ඈතින් පෙනෙන හාවාගල කඳු 

සහජීවනයද? 

හවස් යාමයේ වී කුරුල්ලෝ 


අතරමඟදී මුනගැහුණු ආඩම්බරකාරයා 

දුනුකොල ඇල්ල 


ස්භාවික ගල් බේසම් 

Ranmudu Ella


Ranmudu Ella




ඈතින් පෙනෙන සමනල වැව 

No comments:

Post a Comment