Friday, April 10, 2015

Peessa Ella(පීස්ස ඇල්ල)


බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්  පීස්සගම ගම්මානයේ පිහිටා ඇති පීස්ස ඇල්ල උසින් මීටර් 45ක් පමණ වේ.බදුල්ල සිට පැමිණෙන සංචාරකයන්ට බදුල්ල බිබිල A5 මාර්ගයේ පැයක පමණ ගමනකින් පසුවද ඇල්ල සිට පැමිනෙණ සංචාරකයින්ට නමුණුකුල -පස්සර- බිබිල මාර්ගය හරහා පැය 1 1/2 ක ගමනකින් පසුවද බිබිල ලුණුගල හරහා විනාඩි 45කින් පමණද පීස්සගමට ලඟා විය හැක. දිය ඇල්ලට ලඟා වීමට ඇති පහසුම මාර්ගය වන්නේ පස්සර බිබිල මාර්ගයේ ලුණුගලට ආසන්නව ඇති 22 කණුව අසලින් හැරී .හොප්ටන් වතු යාය අතරින් වැටී ඇති පීස්සගම මාර්ගයේ ගමන් කිරීමයි.පීස්සගමට යන මංසන්ධියේ ඌව පළාත් සංචාරක අමාත්‍යංශය විසින් නාම පුවරුවක් සවි කර ඇති අතර එය සංචරකයන්ට පහසුවකි.

දිය ඇල්ලක වටිනාකම  රදා පවතින්නෙ එහි කඩා හැලෙන ජල ප්‍රවාහය මත පමනක් නොව දිය ඇල්ල අවට සොබා සෞන්දර්යය ඒ අවට ගස් වැල් සතා සිව්පාවා පවා දිය ඇල්ලට වටිනාකමක් එක් කරයි.දිය ඇල්ලට යන මාර්ගය දෙපස සුන්දරත්වය සංචරකයන්ට නැවුම් අත්දැකීමක් එක් කරන අතර කිරි ගම්මානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මුත් පීස්ස ගම්මානයේ තේ හා රබර් වගාවන් බහුලව දැකිය හැක..තේ හා රබර් වතු මැදින් වැටී ඇති සුන්දර මාර්ගයෙ පසෙකින් දර්ශනීය ලුණුගල කදු පන්තිය දැකිය හැක. එම මාර්ගයේ කි.මී 5.5ක් පමණ ගමන් කල පසු දිය ඇල්ල අසලට ගමන් කල යුත්තේ පහලට බැසීමෙනි .එම මාර්ගයද පඩිපෙල් යොදා සකස් කර ඇත..අප්‍රේල් අගෝස්තු කාලයේදී මෙම මාර්ගය දෙපස ගස් මත අති විශාල ප්‍රමාන වලින් සමනලුන් දැකිය හැකි අතර එය සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් වනු ඇත.තවද මෙම දිය ඇල්ල පිහිටා ඇති පීස්ස රක්ශිතය වියලි කළාපයෙ පිහිටියද තෙත් කලාපීය වනාන්තරයක ලක්ෂණ සහිත සුවිශේෂී වනාන්තරයකි.
.පඩිපෙල දිගේ මද දුරක් ගමන් කල පසු පීස්ස ඇල මාර්ගය හමු වන අතර ඇල මාර්ගය දිගේ දකුණුපසට මද දුරක් ගමන් කල පසු පීස්සගම කුඩා ජල විදුලි බලාගාරය හමු වේ..එම විදුලි බලාගාරය අසලින් පහලට බැසීමට ද පඩි පෙලක් ඇත..එම මර්ගය අවසන් වන්නේ පීස්ස ඇල්ල නැරබුම් අට්ටලය අසලිනි..වැසි සමයේදී මෙම නැරඹුම් අට්ටලයද ජල වාෂ්පයෙන් නෑවී යයි.
මඩොල්සිම ප්‍රදේශයෙන් ආරම්භ වන කුරුක්කන් ඔය ලුණුගල කඳු වැටියේ ඇති මීටර් 45ක් පමණ උස බෑවුමකින් පහලට  ඇද වැටීමෙන් මෙම සුන්දර ඇල්ල නිර්මාණය කරයි.වැසි සමයේදී මෙය දුන්හිද ඇල්ල මෙන් අධික ජල ධාරිතවයකින් යුක්ත වන අතර වියලි කාල වලදී ස්රුජුව පහලට ඇදහැලෙයි.
පීස්ස ඇල්ල මුල් කාලයේදී මොරහෙල ඇල්ල නමින් හදුන්වා ඇත.පසු කාලීනව රජය විසින් මෙය ආශ්‍රිත්ව සිදු කරනු ලැබූ  “පීස්ස”නම් .වාරි ව්යාපෘතියිය නිසා මෙය  පීස්ස ඇල්ල ලෙස හදුන්වා ඇත.මෙම දිය ඇල්ලේ ජල ප්‍රවාහයට පිටුපසින් ගල් කුලෙහි ගල් ලෙනක් දක්නට ඇත. ඓතිහාසිකව වැදගත් ස්‌ථානයක්‌ ලෙස සැළකෙන මෙම ස්ථානය  පෙර පණ්‌ඩුකාභය රජ දවසට නෑකම් කියනු ලබයි. ලෙන පිළිබඳ ලේඛනයක්‌ මුලින්ම හමුවන්නේ දිය ඇල්ල පසෙකින් පෙනෙන ගබ්බරු කන්දේ ගලෙක කෙටූ අක්‍ෂර මාලාවකිනි. වසර 70 ක්‌ රජ කළ පණ්‌ඩුකාභය රජතුමන්ට හමු වූ මොරඇල්ලේ ගල සම්බන්ධ විස්‌තර අනුව ඊට පිවිසීමේ භාග්‍ය ලද පළමුවැන්නා ද එම රජතුමන්ය. එතුමා ලෙන දැකබලා අනතුරුව එතුළ විශේෂ ශෛලමය කාමර සාදවා විවිධ වස්‌තු තැන්පත් කළේය.මෙය Rෂි ලෙනක්‌ ලෙස සැලකෙන අතර ගල් ගුහාව හා අභ්‍යන්තරව ඇතුළු විය හැකිව තිබෙන උද්‍යානය මහාර්ෂි "වාමන සූත්‍ර" ගේ වාස භූමිය හැටියට සලකනු ලබන බව ඌව විහාර වංශය සඳහන් කරයි.
ගල් ගුහාව වෙත පිවිසීම තරමක් දුශ්කර කටයුත්තක් වන  අතර ලිස්සනසුලු ගල් මත ගමන් කිරිමේදී ප්‍රවේශම් යුතුය.


මෑතක් වන තුරු සංචාරකයන්ගේ අඩු අවධානයට පත්ව තිබූ පීස්ස ඇල්ල මාර්ගය ඌව පලාත් සංචාරක ව්යාපෘති මගින් වැඩි දියුණු කිරීමෙන් පසු සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී ඇත.නමුත් ඇතැම් සංචාරකයින් විසින් දමා යන අපද්ර්ව්ය නිසා මෙහි ඇති ස්ව්භාව සෞන්දර්ය ට දැඩි ලෙස බලපෑම් ඇති කරයි.
 වැසි සමයේදී පීස්ස ඇල්ල

                                                       


නිල් බිනර 
Exacum trinervium
Dragonfly (බත් කූරා )
                                                                           


                                         
                                                       

Common Crow / Single Branded Crow (Euploea core)


පීස්සගම බසය
නැරඹුම් අට්ටාලය 
ලුණුගල කඳු 
පීස්ස ඇල්ල ජලය අඩු කාලයේ 
පීස්සගම කුඩා ජල විදුලි බලාගාරය 
Dark Blue Tiger (Tirumala septentrionis)








                                                       

No comments:

Post a Comment