Saturday, August 8, 2015

Lahugala Magul maha viharaya(මඟුල් මහා විහාරය- ලාහුගල )

වර්තමානයේ මඟුල් මහා විහාරය නමින් හඳුන්වන පෙරදා රුහුණේ මහා විහාරය නමින් හැඳින්වූ මෙම වටිනා බෞද්ධාගමික සිද්ධස්ථානය  මොනරාගල පොතුවිල් ( – 4 ) මාර්ගයේ ගමන් කළවිට හමුවන සියඹලාන්ඩුව හන්දියේ සිට කි.මි. 10ක් පමණ දුරකදී මුණගැසෙන පන්සල්ගොඩ හන්දියෙන් දකුණට හැරී තවත් කි. මී. 1/2ක් පමණ ගිය විට හමුවේ.

පැරණි දාගැබ 


මෙයට මඟුල් මහා විහාරය යන නම පටබැඳී ඇත්තේ එදවස රුහුණේ රජකම් කළ කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහා දේවිය ගේ විවාහ මංගලෝත්සවය සිදු කෙරුණේ මෙතැනදී බවත් ඔවුන් පෝරුවේ චාරිත්රය සිදුකළ සදානුස්මරණීය මඟුල් පෝරුව ඇත්තේ මෙතන බවටත් අනාදිමත් කාලයක සිට ජනතාව අතර මතයක් ගොඩ නැඟී ඇති නිසා .

මගුල් පෝරුව පිහිටි බව සලකන ස්ථානය 


අක්කර 200 භූමිභාගයක් මෙම විහාරය අයිතිව ඇති අතර අද එම කොටස් පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරයි. මඟුල් මහා විහාරයේ නටබුන් අතර සුවිශේෂී අංගයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනට මතු කරගෙන ඇති සඳකඩ පහණ හැඳින්විය හැකි ය. අඩි 6 ක් ගැඹුරට වළලා ඇති මේ සඳකඩ පහණේ ඇතු පිටට නඟින ඇත් ගොව්වෙකුගේ රුවක් පෙන්වා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ වෙනත් සඳකඩ පහණක තිබිය නොහැකි ලක්‍ෂණයක් වන බවත් එම ස්ථානය සීමා මාලකයක් වශයෙන් තිබූ ස්ථානයක් වශයෙන් තොරතුරු සොයාගෙන ඇති බව විහාරාධිපති හිමියෝ පවසති.

සඳකඩ පහන 
කොරවක් ගල 















මීට අමතරව මෙහි සෙල් ලිපි කිහිපයක්  දක්නට ඇති අතර ලාහුගල මඟුල් මහා විහාර පුවරු ලිපිය ලෙස හැදින්වෙන ක්‍රිස්තු වර්ශ 9-10 සියවස් වලට අයත් ලිපියක සඳහන් වී ඇත්තේ එය සාති අග්බෝ විසින් පූජා කර ඇති බවත් එම පුණ්ය කර්මයේ බලයෙන් සිහිල නම් තැනැත්තෙකුට බුදු බව ලැබේවා යනුවෙනි.


ක්‍රිස්තු වර්ශ 9-10 සියවස් වලට අයත් ගල් පුවරු ලිපිය 









                                ක්රිස්තු වර්ශ 14 සියවස් වල තවත් ලිපියක ධාතුසේන මහරජතුමා විසින් කරවන ලද රුහුණු මහා විහාරය සොළී සේනාව පරදවා රුහුණු රට පාලනය කළ පරාක්‍රමබාහූ නම් සහෝදර රජවරුන්ගේ අග මෙහෙසිය වූ විහාරමහා දේවිය විසින් ප්‍රතිසංස්කරණය කර ඇත..එසේම මෙහි වැඩ වසන ස්වාමීන්වහන්සේලා සඳහා අවශ්‍ය සිව්පසය හා සේවකයන්ට අවශ්‍ය ද්‍රව්ය ද සපයන ලද බව සෙල්ලිපියේ සඳහන් ය..රුහුණු මහා විහාරයට අනුබද්ධව විහාර දේවී නම් පිරිවෙනක්ද පිහිටුවා ඇත..අනාගත රජවරුන්ද මේ සියල්ල නොකඩවා පවත්වාගෙන යා යුතු බවද ශිලා ලිපිය මගින් අවධාරනය කර තිබේ.


ක්රිස්තු වර්ශ 14 සියවස් වලට අයත් පුවරු ලිපිය
බිම පතිත වී ඇති පුවරු ලිපි 
 


ඉපැරණි පොකුණක  නටබුන් 





No comments:

Post a Comment