Friday, May 29, 2015

Bambarakanda Falls(බඹරකන්ද ඇල්ල)

Bambarakanda Falls(බඹරකන්ද ඇල්ල)
බදුල්ල නගරයෙන් මධ්‍යානයේ  පිටත්වූ අප බණ්ඩරවෙල හරහා කළුපහනට පැමිණෙන විට සවස 2 පසු වී තිබුණි. කොළඹ - බදුල්ල ඒ 4 මාර්ගයේ කළුපහන වෙත දුර කි. මී. 173 කි.බදුල්ලසිට සිට කළුපහන වෙත දුර කි. මී. 53කි.කළුපහන හන්දියේ පාරට වම්පසින් සවිකර ඇති නාම පුවරුවක ‘බඹරකන්ද ඇල්ල - දුර කි. මී. 4 යි’ යන්න සඳහන් කර තිබුණි.
කළුපහන හන්දියේ සිට වීරකෝන්ගම පසු කරමින් ඉදිරියට ගමන් කල පසු බඹරකන්ද ඇල්ල ට ප්‍රවේශ වන මාර්ගය හමුවේ.
මාර්ගය ගමන් ගන්නේ ඉතා සුන්දර වටපිටාවක් ඔස්සේ ය..එම මාර්ගයේ කි.මී 4ක් පසු කල විට අඩි දහසක් පමණ ඉහළට නැගෙනා පර්වත කූටයෙන් යුත් මහා කදු මුහුනතකින් පහලට කඩා හැලෙන බඹරකන්ද ඇල්ල දර්ශනය වේ. බඹරකන්ද දියඇල්ල නිර්මාණය වී ඇත්තේ මෙම පර්වතය මධ්‍යයෙන් කඩා හැලෙන වේලි ඔය නම් ජල දහරාවෙනි. වේලි ඔය වලවේ ගඟේ අතු ගංගාවකි. කළුපහනේ වේලි ඔය හරහා ඉදිකළ පාලමක් ද පිහිටා තිබේ.
.
කළුපහන හන්දිය
ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද ලෝකයේ දියඇලි අතර උසින් 48 වන ස්ථානය ගනී. උසින් මීටර 263 ක් (අඩි 790 ක්)පමණ වේ..දිය ඇල්ලේ උස සඳහන් පැරණි පුවරුව පසුකරගෙන මීටර් 100ක් පමණ ගිය පසු බඹරකන්ද ඇල්ලට ප්‍රවේශ වන මාර්ගය හමු වේ..මෙම ස්ථානයට ඉහලින් වාහන නවත්වා පයින් යායුතුය..එමෙන්ම මෙම ස්ථානයෙන් ප්‍රවේශ පතක්ද ගත යුතුය.
 මේ ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට උස මීටර් 1110 කි. දියඇල්ල පිහිටා ඇත්තේ උ. අක්ෂාංශ 60 46’ සහ නැගෙනහිර දේශාංශ 800 5’0’ අතර ය.
දියඇල්ල කඩා හැලෙන්නේ සෘජුව ඉහළ නඟිනා පර්වත මුහුණතකිනි. මුලින්ම දුල්තොට ඇල්ල යනුවෙන් මෙය හැඳින්වූ බව පැවැසේ.එ අවට ගල් වල විශාල වශයෙන් බඹර වද බැද තිබූ නිසා එය පසුව බඹරකන්ද ඇල්ල බවට පත්වී ඇත.ඇල්ලේ ජලය කඩා හැලෙන්නේ කුඩා ජල තටාකයකට ය.නමුත් එහි දිය නෑම අනතුරුදායක බව සදහන් කර ඇත.මෙහි එන සංචාරකයන්ගේ පහසුව සඳහා ප්‍රවේශ මාර්ගය ක්‍රමානුකූලව සකස් කර ඇති අතර දිය ඇල්ල නැරඹීමට හා එම පරිසරය විදීමට පහසුකම් සලසා ඇත.


දියඇල්ලේ ඉහළ ප්‍රදේශය උසින් මීටර 1228 කි. පයිනස් වනාන්තර, වන වදුලු සහිත එම වටපිටාව වැඩි සිසිලකින් යුක්ත වන්නේ වැඩි උසක පිහිටි හෙයිනි. මේ ප්‍රදේශයේ දී වේලි ඔය ගල් පර්වත අතරින් දඟකාරව ගලා යන අන්දම
දැක ගත හැකිය.
එමෙන්ම එයින් නිර්මිත තවත් කුඩා දියඇල්ලක් ද අලංකාර ජල තටාකයක් ද මේ පරිසරය අලංකාර කරවයි.


 හොර්ටන් තැන්න රක්ශිතය








 ටිකට්පත් නිකුත්කරන ස්ථානය
 කුඩා දිය ඇල්ල සහ තටාකය







පයිනස් කැළෑව මැදින් වැටී ඇති මාර්ගය






 දිය ඇල්ල මුදුන




පැරණි පුවරුව

No comments:

Post a Comment