Sunday, May 24, 2015

Surathali Ella (සුරතලී ඇල්ල )

කොළඹ - බදුල්ල මහා මාර්ගයේ බෙලිහුල්ඔය පසුකර 8km ගියපසු හමුවන 168/7 දරන පාලම අසල පිහිටි “සුරතලී ඇල්ල” ඌව - සබරගමුව වෙන් කිරීමේ සීමාව ලෙස පිළිගැනේ.

මේ ඇල්ල උසින් මීටර් 60 කි.පලලින් මීටර් 2ක් පමණ වේ.1956 වර්ශයේ ජනප්‍රිය වූ සුරතලී නම් චිත්‍රපටය මෙම ඇල්ල ආශ්‍රිතව රූගත කල නිසා මෙම ඇල්ලට සුරතලී ඇල්ල යන නම පටබැඳී ඇත. ඉතා ශාන්ත දැකුම්කළු ස්ථානයක හූදකලා වී ගලා යන මේ ඇල්ලට දියවර සපයනු ලබන්නේ හෝටන් තැන්න හා ඇල්ලමාන කදු පන්ති වලින් ආරම්භ වන කඩවත් ඔය මගිනි.
මෙහි නොඉඳුල් වන රක්ෂිතය සමනල වන අඩවියට අයිතිය. මේ ස්ථානය නැරඹීමට දේශීය සංචාරකයන් පැමිණෙන නමුත් විදෙස් සංචාරකයන් දැනුවත් වී නොමැති හෙයින් ඔවුන් ගේ පැමිණීම මන්ද ගාමීව පවතී.

ඇල්ලේ ඉහල කොටස 
ඇල්ල සෑදීමෙන් පසු සංසුන්ව ගලා යන කඩවත් ඔය 





සංචාරකයන් විසින් දමා යන ලද අපද්‍රවය 



මෙහි පැමිනෙන සංචාරකයන් ගෙන එන බෝතල්, වීදුරු, පොලිතින් වැනි අප ද්‍රව්‍යවලින් දිය ඇල්ලට යන මාර්ගය දෙපස  අපිරිසුදු වී තිබේ..එබැවින් තමන් ගෙන එන පොලිතින් ප්ලාස්ටික් වර්ග මෙහි දමා නොයන ලෙස මෙම ස්ථානයට පැමිණෙන දේශීය සංචරකයන්ගෙන් ඉල්ලා සිටිමු.

No comments:

Post a Comment