Sunday, November 8, 2015

සුන්දර නමුණුකුල Namunukula


නමුණුකුල යනු බදුල්ල දිස්ත්රික්කයෙ බදුල්ල නගරයට ආසන්නව පිහිටා ඇති සුන්දර කදු පන්තියකි. මෙය කුලු නමයකින් සෑදී ඇති නිසා නමුණුකුල ලෙස භාවිත වුවද පැහැදිලිව දක්නට ඇත්තේ කදු 7කි.තවද නමුණුකුල කදුපෙලේ උසම කන්ද පහල සිට බලන විට නැම්මක් ආකාරයෙන් පෙනෙන නිසා නැමුනූ කුළ  ලෙස ද පසුකාලීනව එය නමුණුකුල ලෙසද ව්යවහාර වන්න ඇතැයි  සිතිය හැක. නමුණුකුල උසින් මීටර්  2035.35ක් වන අතර එය ශ්රී ලංකාවෙ 11වෙනි උසම කන්දයි.

මේ සංචාරය සදහා Glen Alpine වතු යායේ නිලධාරීන් ගේ නොමද සහයෝගය අපට ලැබුනු අතර එහිදී විශේෂයෙන් දියනගල කොටස භාර ලලිතරත්න මහතාගේ සහයෝගය මතක් කල යුතුය.
උදෑසන 8ට පමණ Glen Alpine  තේ කර්මාන්ත ශාලාව අසලින් ගමන් ආරම්භ කල අප ඔවුන් සපයා දුන් ට්‍රැක්ටර් රථයෙන් දියනගල කරා ගමන්  ඇරඹුවෙමු.දියනගල කොටස ඉතා අලංකාර ප්‍රදේශයක් වන අතර වැසි සමය බැවින් ඩිය ඇලි සහ ජල පහරවල්ද සක්‍රීය  වී තිබිණි. ඒ අතරින්ද දියනගල  ආසන්නයෙ පිහිටා ඇති නිල්මිණී ඇල්ල ප්‍රමුඛස්ථානයක්  ගනී. එය උසින් අඩි 80ක් 100ක් පමණ වන සුන්දර ඇල්ලකි.

දියනගල කොටස



 

දියනගල කඩමන්ඩිය


 



 

නිල්මිණී ඇල්ල


 



















 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  එය කරා ලඟා වීමට නොහැකි බැවින් පාරේ සිට එය නැරඹූ අප ලලිතරත්න මහතාගේ නිල නිවස වෙත ගමන් කලෙමු. කලින් දැනුම් දුන් පරිදි මග පෙන්වන්නෙකු ඔහු විසින් සපයා දී තිබුණි.මග පෙන්වන්නා සමග ඔහුගෙ දුවද අප සමඟ නමුණුකුල තරණයට එක් විය.තේ වතු පසු කරමින් උදේ 10ට පමණ අප නමුණුකුල රක්ශිතයේ මායිමට පැමිණියෙමු.

නමුණුකුල මායිමේ ඇති තේ වතු 
 

නමුණුකුල රක්ශිතයට ඇතුලු වන ස්ථානය 
  

















මදක් නතර වී වෙහෙස නිවාගත්  අප ඉන් පසු දුශ්කර නමුත් සුන්දර මාර්ගයක් ඔස්සේ නමුණුකුල මුදුනට ළඟා වුණෙමු. අප එහි ලඟා වන විට සියුම් අව් රැල්ලක් වැටී තිබුනු අතර එය මහත් අස්වැසිල්ලක් විය.නමුණුකුල මුදුනේ කදවුරු බිම් 2ක් 3ක් පමණ ඇති අතර කඳු මුදුනේ කුඩා ලිදක්ද ඇත..දැඩි නියං සමයෙදී එම ලිද හිස් කල විට වැසි ලැබෙන බවට ගැමියන්ගේ විශ්වාසයක් පවතී..කෙසේ නමුත් මෙහි ජලය බීමට සුදුසු තත්වයේ නම් නැත.
නමුණුකුල හැඩකරන සමනලුන් 

seliginella

marcantia
mushrooms

ලයිකන පිරුණු ශාක 

තිරිවනා 

නමුණුකුල සරසන මල් 
නමුණුකුල කදු  මුදුන 
බුදු මැදුර 

දේවාලය 

































































තවද  කදු මුදුනේ උතුරු දෙසට වන්නට කුඩා කෝවිලක් සහ බුදු මැදුරක් දක්නට ඇත.නමුණුකුලට ලගා වීමට මාර්ග කිහිපයක්ම ඇති නමුත් වැඩි පිරිසක් භාවිතා කරන්නෙ ස්ප්‍රීංවැලි මාර්ගයයි.අපද ස්ප්‍රීංවැලි මාර්ගයේ මද දුරක් ගමන් කලෙමු..එම මාර්ගය දෙපස මහ රත්මල් ශාක විශාල වශයෙන් තිබුණු අතර අතරින් පතර මල්ද දක්නට තිබුණි..ඉන් පසුව අප ගෙනා පාන් සහ තේ වලින් සප්පායම් වුනෙමු. නැවතත් වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත් නිසා අප මදක්  විවේක ගෙන චායාරූප  කිහිපයකුත් ගෙන නැවතත් දියනගල කරා පිටත් වුනෙමු.

 
නමුණුකුළ උසම මුදුන 

3 comments: