Thursday, November 12, 2015

නාරංගල Narangala

නාරංගල 

නාරංගල යනු ඌව පලාතේ 2වනි උසම කන්ද වන අතර ලංකාවේ 38 වන උසම කන්ද වේ. 1,376 m ක් පමණ උස වන මෙම කන්ද සම්පූර්ණයෙන්ම පතන වනාන්තරයක් වේ..නාරංගල වෙත කන්දෙගෙදර-ගලඋඩ මාර්ගයෙන් සහ නාරංගල ප්‍රදේශයෙන්ද ළඟා විය හැක.
අපේ කණ්ඩායම නාරංගල චාරිකාව ආරම්භ කළේ බදුල්ල නගරයෙනි. බදුල්ලෙන් උදේ 8ට පමණ කන්දෙගෙදර බස් රථයට ගොඩ වූ අප විනාඩි 45ක පමණ ගමනකින් පසු කන්දෙගෙදර නගරයට පැමිණියෙමු..කන්දෙගෙදර නගරයෙන් කෑම බීම මිලදීගත් අප කිලෝමීටර් 2ක් පමණ ඈතින් ඇති තංගමලේ දේවාලය අසලට පැමිණියෙමු..කන්දෙගෙදර නගරයේ සිට දේවාලය තෙක් වාහනයකින් පැමිණිය හැක..නමුත් එතැන් සිට ඔබ ගමන් කල යුත්තේ පයිනි..එනම් නාරංගල තරණය ආරම්භ වන්නේ මේ දේවාලය අසලිනි.
දේවාලය අසල සිට උදෑසන ආහාරයෙන් සප්පායම් වූ අප තේ වතු මැදින් ගමන් කොට කුඩා වන රොදකට ඇතුල් වුනෙමු..එය මදක් දුශ්කර මාර්ගයක් වන අතර අධික බෑවුම සහ කූඩැල්ලන් දුශ්කරතාවය තවත් වැඩි කරයි..වනාන්තරය පසුකළ අප ඊළඟට ළඟා වූයේ පතන බිමකටය එහි වූ අඩි පාර දිගේ ගමන් කළ අප කදු fake peak හෙවත්  වියාජ්‍ය  මුදුන ලෙස හදුන්වන ගල් කුලු වලින් සමන්විත බිමකට පැමිණියෙමු..කන්ද පාමුල සිට බලන විට කදු මුදුන ලෙස පෙනෙන්නේ මේ කොටසයි..එබැවින් එය fake peak ලෙස හදුන්වයි.මෙතැන් සිට කදු මුදුනට  පැහැදිලි අඩි පාරක් ඇත..මෙතැනට කදු මුදුන අලංකාර ලෙස දිස් වේ. fake peak මත මදක් විවෙක ගත් අප අඩි පාර ඔස්සේ කදු මුදුනට  ළගා වුනෙමු. නාරංගල මුදුනට ළඟා වීමට දේවාලය අසල සිට පැය 2ක් 3ක් පමන ගත වේ.නාරංගල මුදුනට දකුණු දිශාවෙන් නමුණුකුල ද නිරිත දිශාවෙන් පූනාගල කදු වැටියද බස්නාහිරට වන්නට හෝර්ටන් තැන්න ප්‍රදේශයද උතුරෙන් ලොග්ගල් ඔය ප්‍රදේශයද දැක ගත හැක.නාරංගල කන්ද යනු සංචාරයට ඉතා කදිම ස්ථානයකි.නමුත් මෙහි පැමිණෙන සංචරකයන් විසින් දමා යන ප්ලාස්ටික්,පොලිතින් හා වීදුරු වලින් මේ භූමිය අපවිත්‍ර වෙමින් පවතී.
කන්දෙගෙදර නගරය 

තංගමලේ කෝවිල 

සානියා වතුයාය 

fake peak

Naunukula

b

f

wow!

f

beauty

mmmm

Uva Wellassa University

kandegedara -galauda road

Mahiyangana area

foot path on the mountain

b

ohh

ii

byee

f

wild onion

1 comment: