Sunday, December 27, 2015

Welimada Bomburu Ella Falls – බෝඹුරු ඇල්ල

බොඹුරු ඇල්ල
බොඹුරු ඇල්ල යනු ලංකාවේ පළලතම දිය ඇල්ල ලෙස සැලකෙන දිය ඇල්ලයි. බෝඹුරු ඇල්ල, පේරවැල්ල ඇල්ල යනුවෙන්ද හදුන්වයි. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්රික්ක මායිම් වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් ඌව-පරණගම ප්‍රාදේශීය ලේකම් වසමේ පෙරවැල්ල ගම්මානයේ සීතා එළිය- කඳපොල රක්ශිතයේ පිහිටා තිබේ.උසින් මීටර් 50ක් පමණ වන දිය ඇල්ල පලලින් මීටර් 20ක් පමණ වේ.

සීතා එළිය -කඳපොල රක්ශිතයේ කුඩා ඇල්ලක් 
                                                                                                          









  
උමා ඔයේ සුන්දර දසුන්












මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන දූල්ගල ගඟ මීටර් 1842 ක් පමණ උස කොටකිතුල් කන්දේ බෑවුමක පිහිටි ගල් පවුවකින් කොටස් හතරක් පමණ වෙන්ව ඇද හැලීමෙන් මෙම සුන්දර ඇල්ල නිර්මාණය කරයි.මෙම අතු ගංගාව දිය ඇල්ලේ පහත ප්‍රදේශයේදී උමා ඔය ලෙස හදුන්වයි.
කෙසේ නමුත් ලංකාවේ පලලතම දිය ඇල්ල සොයා ගෙන යාමේ අපේ චාරිකාව ආරම්භ වූයේ බදුල්ලෙනි. බදුල්ලෙන් උදේ 7ට පමණ වැලිමඩ බස් රථයකට ගොඩවූ අප උදේ 8.15 පමණ වන විට වැලිමඩ නගරයට සේන්දු උනෙමු.කොළඹ සිට පැමිණෙන්නෙකුට බණ්ඩාරවෙල හරහා වැලිමඩටත්,මහනුවර-නුවරඑළිය හරහා වැලිමඩටත් පැමිණිය  හැක.වැලිමඩ සිට උදේ 8.30ට පමණ උඩුහාවර හරහා බොඹුරු ඇල්ල බස් රථයට ගොඩ වුනෙමු.ඔබ පෞද්ගලික වාහනයකින් පැමිණෙනවානම් වැලිමඩ සිට උව පරණගම මාර්ගයේ පමිණ අබගස්දෝව හන්දිය පසු කර හිඹිලියගහමඩිත්ත මූදනාව හන්දිය පසු කරමින් කිලෝමීටර් 11ක් පමණ ගිය විට බෝඹුරු ඇල්ලට යන කුඩා අඩි පාර හමු වේ.මෙම අඩි පාර අසල විජේපාල මහතාගේ කඩය ඇති අතර එය බෝඹුරු ඇල්ලට යන ඔබට හමු වන අවසාන කඩය වේ.
විජේපාල මහතාගේ කඩය අසලින් බැසගත් අප ඔහුගෙන් දිය ඇල්ල හා ගම පිලිබඳ තොරතුරු දැන ගත්තෙමු.
බොඹුරු ඇල්ලට යන අඩි පාර 

නාම පුවරුව 
හදුනා නොගත් 
පාසි බැදී ඇති ගල් 
බිම්මල් 
බිම්මල් 
බිම්මල් 
පාසි බැදී ඇති ගල්
පින්නෙන් නෑවී ඇති ගස් ගල් 
දිය ඇලී දෙකකට මැදි වී 
මුදුන 
රක්ශිතය මැදින් ඇති පාර 
සකස් කල පාර 
අතරමග හමුවන කුඩා දිය ඇලි 
අතරමග හමුවන කුඩා දිය ඇලි 
නුග 
මල් වර්ග 

විජේපාල මහතා
මෙම දිය ඇල්ලට බෝඹුරු ඇල්ල ලෙස හැදින්වීම පිටුපස ඇත්තේද අපූරු කතාවකි.එනම් වරක් දෙවැනි රාජසිංහ රජුගේ ඇතා කුලප්පු වී බැඳ තිබූ දම්වැල් කඩාගෙන වන වැදී ඇත. ඇතා ඇල්ලීමට ඇත් ගොව්වන් කිසිවෙකුත් සමත් නොවීය. ඇතා අල්ලා දෙන කෙනකුට ගම්වරක් තෑගි දෙන බව රජු අණබෙරයක් මඟින් ප්‍රසිද්ධ කළේ ය. මෙම ප්‍රදේශයේ විසූ වනසිංහ මුත්තා ඇතා අල්ලා බෝ ගසේ මුලක බැන්දේ ය. ඇතා බැන්දේ බෝමුලේ නිසා ගම ද ‘බෝමුලේ’ නමින් ව්‍යවහාරයට පත් විය. බෝමුලේ පසුව ‘බෝඹුරේ’ විය. ගම දියුණුවී වැලිමඩ සිට මාර්ගය තැනුණාට පසු ගම රටේ ම ප්‍රසිද්ධ විය යුතු යයි සිතා ඊට දිය ඇල්ලේ නම ද ඇඳමින් ‘බෝඹුරු ඇල්ල’ නම තැබූ බව විජේපාල මහතා පැවසීය.
පසුව මද වැස්සද නොතකා අපේ ගමන පටන් ගත්තෙමු.කලක් අප්‍රසිද්ධව පැවතියත් සංචාරකයන්ගේ පැමිණීමත් සමග දිය ඇල්ලට යන මාර්ගයද යම් දුරකට සකස් කර තිබීම පැසසිය යුතු කරුණකි.




















1 comment: