Sunday, May 10, 2015

Bogoda Bridge (බෝගොඩ පාලම )

බෝගොඩ පාලම දැනට ලෝකයේ ඇති පැරණිතම පාලම් වලින් එකකි..එමෙන්ම දැනට ලෝකයේ ඇති එකම වහලක් සහිත ලී වලින් පමණක් සෑදූ පාලමද වේ.
බදුල්ල,හාලිඇල සිට ගලඋඩ  මාර්ගයේ  11km පමණ ගිය පසු  ජගුල්ල හංදියට හමු වේ. එතනින් වමට ඇති පාරේ 2.5km විතර ගිය පසු  බෝගොඩ විහාරයට ලඟා විය හැක.

කඳු මුදු‍නේ ඇති ගම්මාන‍යේ සිට විහාරස්ථානයට පැමි‍ණෙන ජනතාවට ගල්ලන්දා ඔ‍යෙන් එ‍‍ගොඩ වීමට ඇති දුෂ්කරතාව මඟ හරිනු වස් ‍මෙම පාලම ඉදි කොට ති‍‍බේ. පාළම ‍‍‍දෙපස බීරළු අත්වැල් ‍දෙකක් දක්නට ලැ‍බේ. එක් ප‍සෙකට කණු 10 බැගින් ‍‍‍දෙපසට කණු 20 කින් යුක්ත කණු මත පාල‍‍මෙහි වහළය නිර්මාණය ‍‍‍‍‍කොට ඇත. දිගින් අ‍ඩි 50 ක් හා පළල අඩි 06 ක් වන ‍මෙම පාලම උඩ අඩි 08 කි.අගනා මහනුවර යුගයට නෑකම් කියන්නා වූ කැටයමින්ද සමන්විත පියස්ස පෙති උළු වලින් අලංකරණය කර ඇත. ඒමෙන්ම මෙහි එකඳු ඇණයක් හෝ භාවිතා නොකර සාදි ඇති අතර සියල්ල ශක්තිමත් දැව මූට්ටු වලින් සකසා ඇත.
පාලම නිර්මාණය කිරීම සඳහා  ගස් වර්ග 5ක ලී යොදාගෙන තියෙනවා. එනම්  කොස්, කුඹුක්, කළුවර, මිල්ල, මිල් කියන ගස් වර්ග. අඩි 30ක් පමණ  උස කුඹුක් කඳක් මත පාලම ඉදි කර ඇත.
 ව

බෝගොඩ විහාරයේ බුදුමැදුර ගොඩ නගා ඇත්තේ ලෙන් විහාරයක් ලෙසය.

පාලමෙ පිටුපස 

කැටයම් සහිත වහලය 

ලී ඇණ පුරුද්දා ඇති ආකාරය 



බුදුමැදුර ට  දකුණු පසින් ගුහාවක් දකින්න ඇත. මේ ගුහාව ඌවේ ප්‍රාදේශීය පාලකයකු වෙච්ච බ්‍රහ්මදත්ත  නරපතියා විසින් වළගම්බා රජතුමාට පිලිගැන් වූ බව සඳහන් වේ. වළගම්බා රජතුමා ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් මිදි අවුරුදු 2.5 ක් විතර මේ ගල් ගුහාවේ සැඟවී සිට ඇත. ගල් ගුහාවත් සමඟම  උමඟක් දකින්නට ඇත..මෙම  උමඟ දිගේ දෝව රජමහ විහාරයටත්, නාරංගල කන්දටත් , රුවන්වැල්ලටත් යෑමට හැකි බව සඳහන් වේ. කෙසෙ වෙතත් සංචාරකයන්ගේ නොමනා හැසිරීම නිසා අඩ වන විට එම ස්ථානයට යෑමට විහාරාධිපති හිමියන්ගෙන් අවසර ලබා ගත යුතුය. 
උමගය සහිත ගල් ගුහාව 

1 comment: